ශ්‍රී ලංකාව දහවැනි තැනට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2021

ශ්‍රී ලංකාව දහවැනි තැනට

ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 

 ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය නිකුත් කළ අධ්‍යයන වාර්තාවකට සහ ඊට අදාළ දර්ශකයකට අනුව ශ්‍රී ලංකාවට එහි දසවැනි ස්ථානය හිමි වි තිබේ. 

රටවල් 98ක් අතරින් ශ්‍රී ලංකාව මෙලෙස දසවැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාවට එම දර්ශකයේ 86 වැනි ස්ථානය හිමි ව තිබේ. නවසීලන්තය එහි පළමු තැනට ද වියට්නාමය දෙවැනි තැනට ද පත්ව ඇති අතර තායිවානයට තෙවැනි තැන හිමි ව තිබේ. 

මෙම දර්ශකය සැකසීමේදී රටවල් 98ක දත්ත අධ්‍යයනයට ලක් කර තිබේ. 

සති 36ක් මුළුල්ලේ මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඉහත කරුණුවලට අමතරව අදාළ රටවල 100 වැනි ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට මේ වසරේ ජනවාරි 9 වැනිදා දක්වා තිබෙන දත්ත ද සැලකිල්ලට ගෙන තිබේ. 

දින 14කට වරක් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන් බැලීම, මිලියනයකට වාර්තා වන ආසාදිතයන් ගණන, සමස්ත ආසාදිතයන් ගණන, තහවුරු කරන ලද ‘කොවිඩ්-19’ මරණ, මිලියනයකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන, කර තිබෙන පරීක්ෂණවලින් සමානුපාතයක් ලෙස වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, පුද්ගලයන් දහසකට කරන ලද පරීක්ෂණ ගණන යනාදිය මෙහිදි සැලකිල්ලට ගත් බව ද ලෝවි ආයතනය සඳහන් කරයි. 

මෙම දර්ශකයට අනුව ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් වසංගතය පාලනය කිරීමේදී සාර්ථක වී ඇති නමුත් යුරෝපයේ සහ ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 

 ‘‘කොවිඩ්-19 පාලනය කිරීමේදී ඒ ඒ රටවල ආර්ථික සංවර්ධනය, ඒ ඒ රටවල දේශපාලන පද්ධති හෝ ඒවායේ වෙනස්කම් සිදු කර ඇත්තේ ඉතා අඩු බලපෑමක්’’ යැයි සිඩ්නි පිහිටි ලෝවි ආයතනය සිය විශ්ලේෂණයේ සඳහන් කර ඇත.

‘‘සාමාන්‍යයෙන් ගත් විට ඉතා කුඩා ජනගහනයක් සිටින, සාමූහික සමාජ සහ හැකියාව ඇති රටවලට වසංගතය පාලනය කිරීමේදී අන් රටවලට සාපේක්ෂව වාසියක් තිබෙනවා’’ යැයි ද එම ආයතනය සඳහන් කරයි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom