එක්සත් රාජධානියේ අවධානය යොමු වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 31, 2021

එක්සත් රාජධානියේ අවධානය යොමු වෙලා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය යොමු වී ඇතැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි. 

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 17කින් සමන්විත ලිඛිත වාර්තාවක් ඉකුත් දා (27) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය.

 එක්සත් රාජධානිය විසින් අදාළ නව සහ වැදගත් වාර්තාව සලකා බලන බව එම වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහාය දෙන බව ද හෙතෙම සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom