අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ලියාපදිංචි වෙන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 31, 2021

අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ලියාපදිංචි වෙන්න

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට, ඇගලුම් නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට පාකිස්තානයේ පළමු අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට නොමිලේ ලියාපදිංචි විය හැකි යැයි කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය සලකා බලමින් පාකිස්තාන වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහාය ඇතිව පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය මෙම අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි. 

පාකිස්තානය අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කරන පළමු අවස්ථාව මෙය වන අතර එය ලබන මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අන්තර්ජාල ප්‍රදර්ශනය පැය 24 මුළුල්ලේ විවෘතව පවතී. 

ලොවපුරා සිටින පාරිභෝගිකයන්ට තමන්ගේ කාර්යාල සහ නිවෙස්වල සිටිමින් මෙම අවස්ථාවට සහභාගී වීමට හැකි ය. පාකිස්තානයේ ඇගලුම් නිෂ්පාදනය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ගෘහ ඇඳුම්, ඉහළ විලාසිතා ඇඳුම් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ. 

මෙම ප්‍රදර්ශනයේ, වීඩියෝ සහ ශ්‍රව්‍ය තාක්‍ෂණය තුළින් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට පාකිස්තාන නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ විය හැක. මෙම ප්‍රදර්ශනයේ, ඩිජිටල් ව්‍යාපාර හුවමාරුව, ප්‍රදර්ශන කණ්ඩායම සමග අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව සහ වීඩියෝ සහ ඡායාරූප තාක්‍ෂණය තුළින් සියලු වර්ගවල නිෂ්පාදන සවිස්තරාත්මකව ප්‍රදර්ශනය කිරීම අඩංගු වේ. 

ගෝලීය ඇගලුම් වෙළෙඳපොළේ ප්‍රධාන ප්‍රවණතා ඉස්මතු කරමින් ඇගලුම් කර්මාන්තය සහ විලාසිතා සංදර්ශන පිළිබඳ තොරතුරු සම්මන්ත්‍රණ ද මෙහිදී පැවැත්වේ. 

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට, ඇගලුම් නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට මෙම සබැඳිය (ලින්ක්) හරහා http://virtualtexpo.tdap.gov.pk වෙළෙඳ ප්‍රදර්ශනයට නොමිලේ ලියාපදිංචි විය හැකි ය.

Classified_Ad

Classified_Ad_News_Bottom