‘වැක්සින් මෛත්‍රි’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2021

‘වැක්සින් මෛත්‍රි’

ඉන්දීය රජයේ ‘වැක්සින් මෛත්‍රි’ වැඩසටහන යටතේ එරට නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් ‘කොවිඩ්-19’ එන්නතේ මාත්‍රා 500,000 අද (28) මෙරටට ළඟා විය. 

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබෙන අතර එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් අද මෙරටට ප්‍රවාහනය කෙරුණි. 

 එන්නත් ප්‍රවාහනය සඳහාම සුවිශේෂී වූ ඇසුරුම් පෙට්ටිවල එම එන්නත් අසුරා ඇත. 

මෙම එන්නත් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් බාරගෙන ශ්‍රී ලංකාවට බාරදෙනු දෙනු ලැබිණි. 

කොවිෂීල්ඩ් එන්නත් තොගය දුරුතු පොහොය දිනයේ දී මෙරටට ළඟා වීමත් ගෝපාල් බාග්ලේ මහතා සිය ධුරයේ වැඩ බාරගැනීම සඳහා පසුගිය වසරේ මැයි මස වෙසක් සතියේදී මෙරටට පැමිණීමත් ඉතා සුවිශේෂී අහඹු සිදුවීම් යැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 

ගෝපාල් බාග්ලේ මහතා මෙරටට පැමිණියේ කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහාය වීම සඳහා ටොන් 12.5ක වෛද්‍ය සැපයුම් තොගයක් ද රැගෙන ය. 
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (28) කොළඹ, ගංගාරාම විහාරස්ථානය වැඳ පුදා ශ්‍රී ලාංකීය ජනතාවගේ නීරෝගීභාවය සහ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කළේය. 

එහිදි හෙතෙම ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගෙන් ආශීර්වාද ද ලබාගත්තේ ය. 
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිපදවනු ලබයි. 

ඉන්දියාවේ නිපදවන මෙම එන්නත ‘කොවිෂීල්ඩ්’ යනුවෙන් නම් කර තිබේ. එම එන්නතට ශ්‍රී ලංකාවේ රජයේ හදිසි භාවිතය සඳහා වන අනුමැතිය හිමි වී තිබේ. 

 මෙම පරිත්‍යාගය කොවිඩ් වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට ඉන්දියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගයේ කොටසකි. ඉන්දියාව ටොන් 25ක පමණ වෛද්‍ය සැපයුම් තොග හතරක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

එසේම, ඉන්දියාව ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් උදෙසා අත්දැකීම් බෙදාහදා ගැනීමේ වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන ලදී. 

තව ද , කොවිඩ්-19 සටන සඳහා ඒකාබද්ධ පෙරමුණක් ද ස්ථාපිත කරමින් සාක් කොවිඩ්-19 හදිසි අරමුදල සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන් රටවල් ද්විත්වය වන්නේද ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. සිය “අසල්වැසියා ප්‍රථමයෙන්” සහ සාගර් (SAGAR) ප්‍රතිපත්තිවලට අනුව ඉන්දියාව කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 5ක් පමණ අසල්වැසි රටවලට සහ ගල්ෆ් සහ ඉන්දියානු සාගර කලාපයේ රටවලට 2021 ජනවාරි 20 වන දින සිට පරිත්‍යාග කර ඇත. 

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන ගණනක් ලතින් ඇමරිකාව සහ බටහිර ආසියාව වැනි ඉතා දුරින් පිහිටි රටවලටද අපනයනය කර ඇති අතර එම එන්නත් කැරිබියන් සහ ශාන්තිකර රටවලටද ඉදිරියේ දී ළඟා වනු ඇත. 

ඉන්දියාවේ එන්නත් ධාරිතාවය කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම උදෙසා සමස්ත මනුෂ්‍යත්වයටම උපකාර කිරීමට යොදා ගන්නා බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැසීය. 

“ලෝකයේ ඔසු සල” යනු‍වෙන්ද හැඳින්වෙන ඉන්දියාව කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා රටවල් 150කට අත්‍යාවශ්‍ය ඖෂධ සපයා ඇති අතර ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලබා දී ඇත. 

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් 
කාර්යාලයේ අනුග්‍රහයෙනි

Classified_Ad

Classified_Ad_News_Bottom