බ්‍රිතාන්‍යය ඉවතට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 2, 2021

බ්‍රිතාන්‍යය ඉවතට

මහා බ්‍රිතාන්‍යය ඊයේ (1) නව අවුරුදු උදාවත් සමඟ ‘බ්‍රික්සිට්’ ගිවිසුම සම්පූර්ණ කරමින්, යුරෝපා සංගමයෙන් ඉවත් විය. 

ඒ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රික්සිට්’ ගිවිසුම සම්බන්ධයෙන් ඇති වුණු අවසන් එකඟතාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය පෙරේදා (31) හිමිවීමත් සමඟය.

ඒ අනුව, වසර පහකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සුණු දීර්ඝ මෙන්ම වෙහෙසකර වූ ‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය අවසන් විය.

‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය සම්පූර්ණ වූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තැබීමෙන් ද පසුවය. 

(රොයිටර්)

Classified_Ad