ඕස්ට්‍රේලියා ජාතික ගීය වෙනස් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

ඕස්ට්‍රේලියා ජාතික ගීය වෙනස් වෙලා

ඕස්ට්‍රේලියානුවන්ගේ ජාතික ගීය ඊයේ (1) සිට වෙනස් විය. 

ජාතික ගීත වෙනස් වූයේ ඊට ඇතුළත් වචන වෙනස් වීමෙනි. වෙනස් වූයේ ජාතික ගීයට ඇතුළත්, 'ඕස්ට්‍රේලියා තරුණ සහ නිදහස්’ යනුවෙන් සඳහන් වදන් පෙළය. 

එය වෙනස් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය ද පිළිබිඹු වන ආකාරයටය.

ජාතික ගීයේ වදන මෙසේ වෙනස් කිරීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කළ අවස්ථාවේ එය බොහෝ දෙනකු මවිත කිරීමට හේතුවක් විය. 

කෙසේ නමුත්, එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය අග්‍රාමාත්‍යවරයාට හිමිවිය. 

අග්‍රාමාත්‍ය මොරිසන් පෙන්වා දී ඇත්තේ මෙලෙස ජාතික ගීයේ වදන් වෙනස් කිරීමෙන් ‘එකමුතුකම’ වර්ධනය වනු ඇති බවය. 

සුදු ජාතිකයන් (ඉංග්‍රීසීන්) ඕස්ට්‍රේලියාවට පැමිණ ජනාවාස පිහිටුවා ගත්තේ 17 වැනි ශතවර්ෂයේදීය. ඔවුන් පැමිණෙද්දී පවා ඇබොරිජින් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගනිමින් ජීවත් වූහ.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom