ඇසෙන්ජ් ඇමෙරිකාවට දෙන්න බෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jan 5, 2021

ඇසෙන්ජ් ඇමෙරිකාවට දෙන්න බෑ

sample-ad-complete-big
AP_21004404715243
විකිලීක්ස් වෙබ් අඩවිය හරහා, ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කළ ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකාවට උදර්පණය කළ නොහැකි යැයි බ්‍රිතාන්‍ය අධිකරණයක් තීන්දු කළේය.

ඇමෙරිකාවට ඇසෙන්ජ් උදර්පණය කරන්නැයි, ඇමෙරිකන් රජය බ්‍රිතාන්‍ය යෙන් ඉල්ලා තිබුණි. 

බ්‍රිතාන්‍ය විනිසුරුවරියක වන වෙනෙසා බරත්සාර් ‍පෙන්වා දී ඇත්තේ 49 හැවිරිදි ඇසෙන්ජ්ගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු ඇමෙරිකාවට බාරදීම කළ නොහැකි බවය.

ඇසෙන්ජ් උපතින් ඕස්ට්‍රේලියානුවෙකි. ඔහු 2006 දී ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ස්ථාපිත කරමින් ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් ලොවට අනාවරණය කරන්න විය.2010 දී ඇමෙරිකන් බුද්ධි අංශ විශේලේෂකයකු වන චෙල්සා මැනින්ගෙන් ලබා ගත් රහස් තොරතුරු ‘විකිලීක්ස්’ හරහා ප්‍රසිද්ධ කළේය. 

එය ඇමෙරිකාවට අතුල් පහරක් සේ සැලකෙයි. ඇසෙන්ජ් ගෙන්වා ගනිමින්, ඔහුට විරුද්ධව නිසි දඩුවම් දීමට ඇමෙරිකාව සූදානමින් සිටී.2012  වසරේ දී ඇමෙරිකා ආරක්ෂක නිලධාරීන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී, ඇසෙන්ජ් සිටියේ ලන්ඩන් නුවරය. 

ඇසෙන්ජ් ලන්ඩන් හි එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් අත්අඩංගුවෙන් වැළැකී සිටියේය.කෙසේ නමුත්, පසුගිය 2019 දී, තානාපති කාර්යාලයෙන් නෙරපා දැමුණු අසාන්ජ් බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පසුවුණු අතර, ඇමෙරිකාව දිගින් දිගටම බ්‍රිතාන්‍යයෙන් අසාන්ජ් ඉල්ලා සිටී.

අසාන්ජ්ගේ මානසික තත්ත්වය දුර්වල තත්ත්වයක පවතින හෙයින්, ඔහු ඇමෙරිකාවට උදර්පණය කළ නොහැකි බව බ්‍රිතාන්‍ය විනිසුරුවරිය තීන්දු කිරීම බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇති බව පැවැසෙයි.

(රොයිටර්)

Classified_Ad