එන්නත් දෙන්න ඉන්දියාව කැමැත්තෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 6, 2021

එන්නත් දෙන්න ඉන්දියාව කැමැත්තෙන්

‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය.

‘අසල්වැසියාට මුල්තැන’ සිය විදේශ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව, කොවිඩ්-19 මර්දනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දුන් බවත් ශ්‍රී ලංකාව ද ඉන්දියාව ට පෙරළා සහාය දුන් බවත් හෙතෙම කීය.

එන්තත් බෙදාහැරීම යනාදි එන්නත්කරණයට අදාළ අංශයේ දී ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් බව එය සිය වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදා මහතා ද පවසා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගත සමයේදී රටවල් දෙකම බැරෑරුම් සහ පොදු අභියෝගවලට මුහුණ දුන් බවත් ඒ අතරම මෙම වසංගතය රටවල් දෙකට පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන් බවත් හෙතෙම පැවැසීය.

මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා දුන් සහාය කෘතඥව සිහිපත් කරන බව ද ඔහු කීය.මේ වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පශ්චාත් කොවිඩ්-19 සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය.

ඉන්දියව සහ ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් වීමේ අභියෝගයට මුහුණ දී ඇති බවත් මෙය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව ඒ හා සමාන ආර්ථික අර්බුදයක් බවත් හෙතෙම පැවැසීය.

පසුගිය මාස කිහිපයේදී ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ට ස්ථීර ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවට ද ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.  

Classified_Ad

Classified_Ad_News_Bottom