ස්පුට්නික් එන්නත ගැන පැහැදීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

ස්පුට්නික් එන්නත ගැන පැහැදීමක්


කොවිඩ් මර්දනය සදහා රුසියාව සොයා ගත් ස්පුට්නික් -5 එන්නතේ  කාර්යක්ෂමතාව සියයට 91.4 කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දී ඇත.

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ඒ බව තහවුරු කර ගෙන ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.

මෙරට සෞඛ්‍ය  අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය  අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව දැනුම් දුන්නේ යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණි.

මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළ බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

වෛරසයේ වෙනස්වීම් පිළිබඳව මෙරටදී කරන ලද පර්යේෂණ සහ  මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් මීට එක් වූහ.

(මොස්කව් නුවරදීය)

Classified_Ad

Classified_Ad_News_Bottom