ඔක්ස්ෆර්ඩ් එන්නතට ඉන්දියාවේ කැමැත්ත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නතට ඉන්දියාවේ කැමැත්ත

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගම නිෂ්පාදනය කළ එන්නතට අද (1) ඉන්දීය ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවසර ලැබුණු විගස ඉන්දියාව මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනු ඇතැයි ද පැවැසෙයි.

ඉන්දියාව මීට දින කිහිපයකට පෙර පෙරහුරු එන්නත්කරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ ද ඉන්දියාවයි.

ඇමෙරිකාව පසු දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන සංවිධානය මේ සතියේදී දෙවැනි වරටත් රැස්වන බවත් එහිදි තවත් එන්නත් දෙකක් සලකා බැලෙන බවත් එම සංවිධානයේ නිලධාරියෙක් පැවැසීය.

බ්‍රිතාන්‍ය සහ ආර්ජන්ටිනාව දැනටමත් ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රසෙනකා එන්නතට අවසරය ලබා දී තිබේ.
ඉන්දියාව, ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් දෙක නිෂ්පාදනය කළ එන්නතට සහ රට තුළම නිෂ්පාදනය කළ භාරත් බයෝටෙක් එන්නතට ද අවසර දෙනු ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ගොස් ඇත.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom