සුහද හමුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 5, 2021

සුහද හමුවක්

මුදල් හා ප්‍රාග්ධන වෙළදපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි සෙන්හොන්ග් මහතා අතර සුහද හමුවක් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දෙරටේ පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින්, ආර්ථිකමය වශයෙන් ජාත්‍යන්තර සහ කලාපීය අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. 

මෙරට චීන තානාපති කාර්යාලයේ වෙළඳ කටයුතු පිළිබඳ නියෝජිත ලී ගුන්ජුන්ග් දේශපාලන අංශ ප්‍රධානී ලුඕ චොන්ග් , රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්. එම්. ඒ රත්නායක සහ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් දර්ශනී අමරසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


Classified_Ad