ට්‍රම්ප්ගෙන් බලපෑම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2021

ට්‍රම්ප්ගෙන් බලපෑම්


බයිඩන් පරද්දන්න ඡන්ද සොයන්නැයි ට්‍රම්ප්ගෙන් බලපෑම් 

ජෝ බයිඩන් පරාජය කිරීමට තවත් ඡන්ද 11,780 ක් සොයා දෙන්නැයි ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ජනපද ප්‍රධාන මැතිවරණ නිලධාරී බ්‍රැඩ් රුෆෙන්ස්ස්පාගර්ට බලපෑම් කළ බව ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.

‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත මෙම අනාවරණය කර ඇත්තේ, එම පුවත් පතේ මාධ්‍යවේදීන්ට ජනාධිපති ට්‍රම්ප් රුෆෙන්ස්ස්පාගර් ට ලබා දුන් දුරකතන පණිවුඩයට අදාල හඬ පටය ලැබීමෙන් පසුවය. 

එම හඬ පටය ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂය වන අතර, ජෝර්ජියා යනු රිපබ්ලිකන් පක්ෂ බලකොටුවය. 

ජෝර්ජියා ජනපදය ප්‍රතිවාදී බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට නතුවීම පිළිගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

රුෆෙන්ස්ස්පාගර් ජෝර්ජියා ජනපදයේ, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයාය. 

ජෝර්ජියා ඡන්ද ප්‍රතිඵලයේ කිසිදු වරදක් නොමැති බවත්, වැඩි වාසි අත්වී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට බවත් ට්‍රම්ප්ට දුරකතනයෙන් පිළිතුරු දෙමින් රුෆෙන්ස්ස්පාගර් පැහැදිලි කරන අයුරි හඬ පටයෙන් අසන්න ලැබේ. 

‘මට ඕනෑ තව ඡන්ද 11,780 ක් විතරයි. කොහොම හරි ඒක සොයා ගන්න බලන්න’ යැයි ට්‍රම්ප් එවිට රුෆෙන්ස්ස්පාගර් පිළිතුරු දෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. 

ට්‍රම්ප් ඡන්ද ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඒ සම්බන්ධයෙන් නීතිමගින් පියවර ගැනීම නිසා ජෝර්ජියා ජනපදයේ ඡන්ද යළි අතින් ගණන් කිරීම සිදුවිය.

ජෝර්ජියා ජනපදයේ බයිඩන් පරාජය කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වූයේ ඡන්ද 11,780 ක් පමණි. තමන්ට එම ඡන්ද ගණන සොයා දෙන්නැයි ට්‍රම්ප් ජනපද බලධාරීන්ට පවසා ඇත්තේ ඒ අනුවය.

තවමත් පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කළත්, මේ වනවිට ඇමෙරිකන් මැතිවරණ කොමිසම, කොංග්‍රස් මණ්ඩලය ජෝ බයිඩන්ගේ ජය තහවුරු කර තිබේ. 

ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනිය වීමට නියමිත කමලා හැරිස් දිවුරුම් දීම සිදුවනු ඇත්තේ ලබන 12 වැනිදාය.

ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම, බයිඩන්ගේ ජයග්‍රහණයට බාධාවක් වන්නේ නම්, බයිඩන්ගේ දිවුරුම් දීමට ට්‍රම්ප් සහභාගී කර නොගැනීමට, එම උත්සව අවස්ථාවේ සංවිධායක මණ්ඩලය තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom