ජැක් මා කෝ? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2021

ජැක් මා කෝ?

චීන කෝටිපති ව්‍යාපාරිකයකු වන 56 ජැක් මා, මාස දෙකක් තිස්සේ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ලෝක ප්‍රකට අලිබාබා සමුහයේ ආරම්භකයා වන්නේ ජැක් මා ය.

පසුගියදා 'Africa’s Business Heroes' වැඩසටහනේ අවසන් තරඟය විනිශ්චයට ජැක් මා නියමිතව සිටි නමුත් ඔහු ඊට පැමිණ නැත. 

'Africa’s Business Heroes' යනු ජැක් මා විසින් නිර්මාණය කළ රියැලටි වැඩසටහනකි.  

නැගී එන ව්‍යාපාරිකයන් තෝරා ගනිමින්, ඔවුන්ගේ දස්කම් ඇගැයීමට ලක් කරන වැඩසටහනක් ලෙස 'Africa’s Business Heroes' සැලකෙයි.

ජැක් මා පසුගිය ඔක්තෝබර් මාසයේදී චීන රජය විවේචනය කරමින් ෂැන්හයි නගරයේ දී මතභේදාත්මක අදහස් පළ කිරීමක් කර තිබේ. 

ඒ, චීන රජයේ නියාමන ක්‍රමවේදයන් හේතුවෙන් නවෝත්පාදනය ට මං අවහිර වී ඇති බව පෙන්වා දෙමිනි.

චීන රජයේ උදහසට ලක් වීම නිසා, ජැක් මා කිසියම් ආකාරයකින් චීනයේ බලපෑමට යටත් වූවා ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom