මෙල්බන් යළි වසයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

මෙල්බන් යළි වසයි

මහා බ්‍රිතන්‍යයෙන් පළමු වරට හඳුනා ගත් ‘කොවිඩ් 19’ වයිරස විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 13 දෙනකු වාර්තා වීමත් සමඟ මිලියන පහක ජනගහනයක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඊයේ (12) දින පහකට වසා දැමුණි. 

මහා බ්‍රිතාන්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සයයි. මෙම නව විකෘතිය පළමුවෙන් හඳුනා ගත්තේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙනි. 

ඒ අනුව, මෙම විකෘතිය කෙන්ට් ප්‍රභේදය යනුවෙන් ද හැඳින්වෙයි. බ්‍රිතාන්‍යයේ සිට මෙල්බන් පැමිණි ඕස්ට්‍රේලියානුවන් නිරෝධායනය කර තැබෙන මෙල්බන් ගුවන්තොටුපොළ අසල හෝටලයකින් මෙම වයිරසය පැතිරීම ආරම්භ වූ බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන තිබේ. 

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වහා නගරය වසා දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ ඒ අනුව තීරණය කළේය. අලුතින් හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතරේ සංචාරකයන් නිරෝධායනය කළ හෝටලයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිටින බව පැවැසෙයි. 

එංගලන්තයේ කෙන්ට් පළාතෙන් පළමුවෙන් හඳුනාගත් කොරෝනා විකෘතිය මේ වනවිට රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත. මෙය සාමාන්‍ය කොරෝනා වයිරසයෙන් වෙනස් වන්නේ එය ඉතාමත් වේගයෙන් සම්ප්‍රේෂණය වන බැවිනි. 

බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසා ඇත්තේ කෙන්ට් විකෘතිය තව මාස කීපයක් ඇතුළත ලොව සෑම තැනකටම ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom