ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය උණුසුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය උණුසුම්

ධුරයෙන් ඉවත් වීමට සිදුවුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වූ දෝෂාභියෝගය උණුසුම් ස්වරූපයක් ගෙන ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 

ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමට සති දෙකකට පෙර, පසුගිය ජනවාරි 6 වැනිදා, ට්‍රම්ප්ගේ උසිගැන්වීමෙන් කුපිත වූ, ඔහුගේ සුදු අන්තවාදී ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී පහර දෙන්න වූහ. 

කැපිටල් හිල් ගොඩනැගිල්ල යනු ඇමෙරිකා පාර්ලිමේන්තුව, එසේත් නැතිනම් කොංග්‍රස් මණ්ඩලය රැස්වන ස්ථානයයි. 

කලහකාරීන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ කොංග්‍රස් මණ්ඩලය ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීමට රැස්වුණු අවස්ථාවේදී එය කඩාකප්පල් කිරීමටය. 

ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. 

පසුගිය දෙසැම්බරයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලෝසි ප්‍රමුණ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් එක් වී, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව සකස් කර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළේය. 

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික්වරුන් සතුව පවතින බැවින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්මත වී සෙනෙට් මණ්ඩලයට යොමු විය. ඒ වනවිට සෙනෙට් මණ්ඩලයේ බහුතරය පැවැතියේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. 

ඇමෙරිකා ජනාධිපතිවරණයට සමගාමීව, කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් ද පැවැත්විණි. ජනවාරි 20 වැනිදා බයිඩන් ජනාධිපති දිවුරුම් දෙද්දී, උප ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ කමලා හැරිස් ය. කමලා හැරිස් උප ජනපති ධුරයට පත් වූයේ සෙනෙට් අසුනට සමු දෙමිනි. 

කමලා හැරිස් සෙනෙට් අසුනට සමුදෙද්දී, ඩිමොක්‍රටික් නියෝජිතයන් දෙදෙනකුට සෙනෙට් අසුන් හිමිවුණු අතර, මේ වනවිට සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ද ඩිමොක්‍රටික්වරුන් සතුවය.

ඒ අනුව, දෝෂාභියෝග යෝජනාවලිය සෙනට් මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, ඩිමොක්‍රටික් නියෝජිතයන් පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් නියෝජිතයෝ ද ට්‍රම්ප්ට විරෝධය පළ කරමින්, දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු යැයි පවසමින් ඡන්දය ලබා දුන්හ. 

පසුගිය ජනවාරි 6 වැනිදා ට්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී පහර දෙමින් කලහ කරද්දී, කොංග්‍රසයේ රිපබ්ලිකන් නියෝජිතයෝ පවා භීතියට පත් වූහ. බොහෝ දෙනා පවසා ඇත්තේ, තමන්ට මරණ බිය දැනුණු බවය. ඒ අනුව දෝෂාභියෝග ක්‍රියාවලියට අදාලව චෝදනා ඉදිරිපත් කිරීම ආරම්භ විය. 

එහිදී ට්‍රම්ප්ට අවාසි වන ආකාරයට සාක්ෂි ඉදිපත් වීම සිදුවිය. ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් එකහෙලා පවසා ඇත්තේ ට්‍රම්ප්ට දඬුවම් නොකළහොත් යළිත් ජනතා කුපිත කිරීමක් සිදුවීමේ ඉඩ ඇති බවය. 

දෝෂාභියෝගයට අදාල චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු විභාගයක් පැවැත්වෙන නමුත් ට්‍රම්ප් ඊට සහභාගී නොවනු ඇත. ට්‍රම්ප් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරුන් ඊට සහභාගී වනු ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom