ඔක්ස්ෆර්ඩ් වෙනුවට ඇමෙරිකන් එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

ඔක්ස්ෆර්ඩ් වෙනුවට ඇමෙරිකන් එන්නත්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා ප්‍රතිශක්තිකරණ එන්නත වෙනුවට, දකුණු අප්‍රිකා වැසියන් වෙනුවෙන් ඇමෙරිකාවේ මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලදී ගන්නා බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසයි. 

එංගලන්තයේ කෙන්ට් පළාතෙන් මෙන්ම බ්‍රසීලයෙන් ද සොයා ගත් ‘කොවිඩ් 19’ නව වයිරස ප්‍රභේද සේම, ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන වයිරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේ ද පැතිර යමින් පවතී. 

දකුණු අප්‍රිකාව මීට සති කීපයකට පෙර ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත යොදා ගනිමිනි. 

අලුතින් සොයා ගන්නා ‘කොවිඩ් 19’ ආසාදිතයන් සියලු දෙනාට මෙම නව විකෘති ප්‍රභේදය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එයින් වැඩිදෙනා විකෘති වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් බව තහවුරු විය. 

ඒ අනුව, දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා ප්‍රතිශක්තිකරණ එන්නත දකුණු අප්‍රිකානුවන්ට ලබා දීමෙන් පලක් නොවන බවය. 

ඇමෙරිකාවේ මොඩර්නා සහ ජොන්සන් ඇන්ජ් ජොන්සන් සමාගම් නිපදවා ඇති වය විකෘති ප්‍රභේද මර්දනය කළ හැකි යැයි පැවැසෙන එන්නත් මිලදී ගැනීමට දකුණු අප්‍රිකා සෞඛ්‍ය අමත්‍යාංශය නිර්දේශ කර තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom