අක්‍රිය වුණු වෙබ් අඩවි යළි යථා තත්ත්වයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

අක්‍රිය වුණු වෙබ් අඩවි යළි යථා තත්ත්වයට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වුණු මෙරට වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.  

සයිබර් ප්‍රහාරයකින් අඩපණ වී ගියේ ශ්‍රී ලංකාවේ වෙබ් ලිපිනය වන '.lk' යටතේ ක්‍රියාත්මක වෙබ් අඩවි කිහිපයක්ය.

'.LK ඩොමෙන් රෙජිස්ට්‍රි' හි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සිදුවුණු ඒම සයිබර් ප්‍රහාරය ගැන මෙසේ අදහස් දක්වා තිබේ. 

 "අද උදේ පාන්දර, අප .LK ඩොමෙන් රෙජිස්ට්‍රි ලියාපදිංචි වී ඇති ඩොමේන් කිහිපයකට ගැටලුවක් මතුවුණා. වහාම ක්‍රියාත්මකවෙලා ඒ ගැන සොයා බලද්දී ඒවා වෙනස් කර තිබෙන බව පැහැදිලි වුණා. අපි ඒවා මේ වනවිට පෙර තිබුණු ආකාරයටම සකස් කරලා තියෙන්නෙ. සිදුවුණේ කුමක්දැයි අප සොයනවා. කඩාකප්පල්කාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා" 

ඩේලි මිරර් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom