ඉන්දියාවේ කොරෝනා හිටිහැටියේ අඩුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

ඉන්දියාවේ කොරෝනා හිටිහැටියේ අඩුවෙලා

‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තාවීම හිටිහැටියේ ඉතා වේගයෙන් අඩුවී ඇති බවත් එය මවිතයට කරුණක් බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. 

ඇමෙරිකාවය දෙවැනි වෙමින් ඉන්දියාව ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන රට බවට පත් වූයේ පසුගිය සැප්තැම්බරයේය. ඔක්තෝබර් මාසය වනවිට දිනකට 80,0000 ත් 50,0000 ත් අතර ආසාදිතයන් වාර්තා විය. 

කොස් නමුත් ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, පසුගිය ජනවාරි 26 වැනිදායින් පසු දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ට අඩු අගයක් ගන්නා බව පැවැසෙයි. 

මාස 8 කට පසු ඊයේ (4) අඩුම ආසාදිතයන් ගණන ඉන්දියාවෙන් වාර්තා විය. එය 9,100 ක් යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ආසාදිතයන් මෙසේ අඩු වී ඇත්තේ ආසාදිතයන් සෙවීමට දෛනිකව සිදු කරන පරීක්ෂණ අඩු වී නොමැති නිසා බව ද සෞඛ්‍ය අංශ සහතික වී තිබේ. 

මාස 8 කට පෙර ඉන්දියාවේ ප්‍රධාන නගරවල රෝහල් සියල්ල පිරී ඉතිරී ගිය නමුත් දැන් ටිකෙන් ටික රෝහල්වල ධාරිතාව පවත්වා ගෙන යා හැකි මට්ටමට පත් වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි. 

එන්.ඩී.ටීවී

Classified_Ad

Classified_Ad_News_Bottom