චීන එන්නත වැඩිහිටියන්ට සුදුසු නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

චීන එන්නත වැඩිහිටියන්ට සුදුසු නෑ

චීනය ප්‍රදානය කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට සුදුසු නැතැයි එම එන්නත ආරක්ෂිතදැයි සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ උපදේශකවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිස්ල් සුල්තාන් මෙම වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දෙයි.

වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ චීනය පාකිස්තානයට ප්‍රදානය කළ ‘සිනෝෆාර්ම්’ ප්‍රතිශක්තිකරණ එන්නත වඩාත් සුදුසු අවුරුදු 18 ත් 65 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට පමණක් බවය. 

වෛද්‍ය කණ්ඩායම මෙස‍ෙ තීරණය කළේ එන්නත සම්බන්ධයෙන් චීනයෙන් ලැබුණු සායනික දත්ත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යැයි ද පැවැසෙයි. 

චීන රජය, ‘සිනෝෆාර්ම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක ප්‍රමාණයක් පාකිස්තානයට තෑගි කර තිබේ. 

ඒ, පාකිස්තානය සහ චීනය අතර පවතින හොඳ හිත තවත් වර්ධනය කර ගැනීමක් ලෙසය. 

‘සිනෝෆාර්ම්’ චීනයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමය. 

චීනයෙන් ලැබුණු එන්නත් මේ වනවිටත් පාකිස්තාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන්ට ලබා දීම ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. 
අද (5) වනවිට පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,51,842 කි. මරණ වාර්තා වන්නේ 11,886 ක් ලෙසය. 

පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් ගණන 5,07,502 කි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom