ඊශ්‍රායල ආයෝජකයන්ට අවස්ථා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ඊශ්‍රායල ආයෝජකයන්ට අවස්ථා

ඊශ්‍රායල ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම හා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් වීඩියෝ තාක්පෂණය ඔස්සේ පසුගිය දා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ ඊශ්‍රායල - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ඊශ්‍රායල - ආසියා වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පසුගිය 16 වැනිදා මෙම 'වෙබිනාර්' සාකච්ඡාව සංවිධානය කර තිබිණ. 

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සඳහා විවෘත අනාගත ක්ෂේත්‍රයන්, ප්‍රධාන ව්‍යාපෘති සහ ව්‍යාපාර පිළිබඳව අපේක්ෂිත ඊශ්‍රායල ආයෝජකයින් හා තොරතුරු බෙදා හදා ගැනීම යැයි පැවැසෙයි‍. 

ඊශ්‍රායල - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සභාපතිනි අනත් බර්න්ස්ටයින්-රීච් මහත්මිය එම වෙබිනාර් වැඩසටහන මෙහෙය වූ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක මහතා විසින්ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සහ ආයෝජන අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත මහතා, ඊශ්‍රායල - ආසියා වාණිජ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීනී ලිරෝන් උර්මාන් මහත්මිය සහ ඊශ්‍රායල නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ ඩෑන් කාටාරිවාස් මහතා එහිදී අදහස් දැක්වූහ. 

ස්වකීය අදහස් දැක්වීම අතරතුර, තානාපති විල්පාත මහතා ශ්‍රී ලංකාවේ අද්විතීය පිහිටීම හා හිතකර ව්‍යාපාරික පරිසරය ප්‍රයෝජනයට ගෙන, ඖෂධ, කෘෂිකාර්මික, ජල කළමනාකරණ, සංචාරක, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, අධි-තාක්ෂණික හා ග්‍රැපීන් යන ක්ෂේත්‍රයන්හි සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇතුළු සුවිශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්හි ආයෝජන සිදු කරන්නැයි ඊශ්‍රායල ආයෝජකයන්ට ඇරැයුම් කෙරුණි‍.

Classified_Ad

Classified_Ad_News_Bottom