ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර කොදෙව් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර කොදෙව් යයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, බටහිර කොදෙව් රාජ්‍යය බලා ගමන් කරනු ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා හරහා ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ය. 

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කොවිඩ් ආසාදිතයකු වූ ළහිරු කුමාර වෙනුවට වේග පන්දුයවන සුරංග ලක්මාල්ව නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.


Classified_Ad

Classified_Ad_News_Bottom