ප‍්‍රතිශක්තිරණය එන්නත් හදන්නේ මෙහෙමයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 16, 2021

ප‍්‍රතිශක්තිරණය එන්නත් හදන්නේ මෙහෙමයි

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන්, අද වනවිට ලොව ලොකු කුඩා කවුරුත් කතා වෙන්නේ ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැනය. අන් කවරදාටත් වඩා ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැන උනන්දුවක් යොමු වී තිබේ. 

‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි සටන ජය ගැනීමට, ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැන බොහෝ දෙනා විශ්වාසය තබා ඇත. ප‍්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්නේ කෙසේදැයි ඔබ දැන සිටියාද? 

ප‍්‍රතිශක්තිකරණ එන්නත් ක‍්‍රම දෙකකට නිපදවීම සිදු කෙරේ. 

‘වැක්සීන්’ එසේත් නැතිනම් එන්නත් යනුවෙන් හැඳින්වෙන්නේ ද කුමක් හෝ රෝගී තත්ත්වයකින් ඔබ ආරක්ෂා කළ හැකි ඖෂධයකි. ඇතැම් ප‍්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම සිදු කරන්නේ වයිරසයක මැරුණු හෝ අඩපණ කළ කොටස් යොදා ගනිමිනි. 

අනෙක් එන්නත් නිපදවීම සිදු කරන්නේ අඩපණ කිරීමට අවශ්‍ය වන වයිරසයේ විෂ රසායන ද්‍රව්‍ය, ප්‍රෝටීන සහ ජාන සැකැසුම් යොදා ගනිමිනි. 

 මොන ආකාරයකට එන්නත් නිපදවීම කළත්, අවසන් අරමුණ විය යුත්තේ, ඒවා වයිරසයට එරෙහි සටන් කිරීමට සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම හෝ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය පුරුදු පුහුණු කිරීමය. 

ඒ අනුව, වයිරසය සිරුරට ඇතුළු වුවහොත්, එයින් ඔබට බලපෑමක් ඇති කිරීමට පෙර අඩපණ වෙයි. සාර්ථක ප‍්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමට වසර ගණනාවක් ගතවෙයි. ඉන්පසු එම එන්නත් අත්හදා බැලීමට තවත් වසර ගණනක් ගතවෙයි. 

පළමුවෙන් අත්හදා බලන්නේ සතුන් (මීයන්, වදුරන් ආදිය) යොදා ගනිමිනි. ඉන්පසු මනුෂ්‍යයන් යොදා ගනිමින් අත්හදා බැලීම් කෙරේ. ඒ, එන්නත සාර්ථක ද සහ ආරක්ෂිත ද යන්න සැකහැර දැනගැනීමටය.

එන්නතට නිසි අනුමැතිය ලබා ගැනීමටත්, එය විකිණීමට නිදවීමටත් තවත් වසර ගණනක් ගත වෙයි. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම ආරම්භ කළොත්, එය ජනතාවට ලබා දීම දක්වා කි‍්‍රයාවලිය සාමාන්‍යයෙන් වසර 15 ක් පමණ වෙයි. 

එහෙත්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීම ලහිලහියේ කරන්න සිදුවිය. ඒ, ජීවිත බේරා ගැනීමේ අරමුණ ඇතිවය. 

අවසන් අත්හදා බැලීම් සිදු කරද්දී පවා ‘ෆයිසර් බයෝඇන්ටෙක්, ‘ස්පුට්නික්5’, ‘මොඩර්නා’ සහ ‘ඔක්ස්ෆර්ඞ්’ වැනි එන්නත් සඳහා අනුමැතිය ලැබී ඇත්තේ, හදිසි තත්ත්වයක් සේ සලකා ඒවා භාවිත කිරීමටය. 

අන්තර්ජාලය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom