කුමන්ත්‍රණය මැද ඇරොබික්ස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2021

කුමන්ත්‍රණය මැද ඇරොබික්ස්

මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රන්‍ය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. 

නොවැම්බර් 8 වැනිදා පැවැත් වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. 

පළමු වැනිදා උදේ පාන්දරින් අවදි වුණු හිංග් හින් වේ සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කළාය. හිංග් හින් වේ, සමාජ මාධ්‍ය හරහා ඇරොබික්ස් ව්‍යායාම උගන්වන ගුරුවරියකි. 

ඇය දිනපතා උදෑසන සජීවීව ඇගේ වීවියෝ හරහා ශාරීරක සුවතා උපදෙස් ලබා දෙයි. නටමින් ව්‍යායාම කරන ආකාරය පෙන්වයි. 

පසුගිය පළමු වැනිදා හිමිදිරියේ ඇය 'කොවිඩ් 19" වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මුහුණු ආවරණයකින් ද සැරසී, සජීවීව ඇගේ වීඩියෝ ප්‍රසිද්ධියට පත් කරන්න වූයේ නායිපායිදේව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටය. 

සංගීතයට නටමින්, ඇරොබික්ස් ව්‍යායාම උගන්වමින් සිටිද්දී, තමන් පසුපස සිදුවීම් මාලාවක් සිදුවෙමින් පැවැති බව හිංග් හින් වේ දැන නොසිටියාය. හමුදා සහ පොලිස් ජිප් රථ, ට්‍රක් රථ සහ සන්නද්ධ රථ වේගයෙන් ගොස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරනු වීඩියෝ දසුන් සජීවීව නරඹමින් සිටි සැමට දකින්න ලැබුණි. 

හිංග් හින් වේ සිදුවන්නේ කුමක්දැයි නොදැන දිගටම නටමින් ව්‍යායාම උගන්වයි. එය හාස්‍ය ජනක සිදුවීමක් ද විය. හිංග් හින් වේගේ එම වීඩියෝ දසුන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. 

නොදැනුවත්ම සිදුවුණු එම සිදුවීම මුල්කොට ගනිමින් හිංග් හින් වේ දෙස් විදේශවල පවා ප්‍රකට චරිතයක් විය. 
හිංග් හින් වේ ඇරොබික්ස් ව්‍යායාම ඉගැන්වීම කරන්නේ වසර කීපයක් තිස්සේය. පසුගිය මාස 11 පුරාවට හිංග් හින් වේ ප්‍රසිද්ධියට පත් කළ සියලුම ඇරොබික්ස් වීඩියෝ එක රැයින් ජනප්‍රිය වී ඇතැයි ද වාර්තා වේ. 

ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom