රුසියන් විපක්ෂ නායක නෙවල්නිට සිරදඬුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 3, 2021

රුසියන් විපක්ෂ නායක නෙවල්නිට සිරදඬුම්

බටහිර සහාය ලබමින්, රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි චෝදනාවලට වරදකරු වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කර ඇත. 

ඇලෙක්සි නෙවල්නි දූෂණ වංචාවලට එරෙහිව හඬ නගන ක්‍රියාකාරියකු වන අතර, රුසියන් ජනාධිපති නිරන්තරයෙන් විවේචනය කරයි. 

එනිසාම නෙවල්නි රුසියන් ජනාධිපතිවරයාගේ උදහසට ලක් වී සිටී. 

ඊයේ (2) රුසියන් අධිකරණයක් ක්‍රියාත්මක කළේ 2014 වසරේ දී නෙවල්නි වෙනුවෙන් ලබා දී අත්හිටුවන ලද සිරදඬුවමකි. 2014 දී නෙවල්නිට තෙවසරක සිරදඬුවම් නියම වී තිබුණි. 

එම අවස්ථාවේදී ද ඔහු වරදකරු වී ඇත්තේ බටහිර සහාය ලබමින්, රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යන චෝදනාවලටය.
ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom