විමර්ශන කණ්ඩායම වයිරස බැංකුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 3, 2021

විමර්ශන කණ්ඩායම වයිරස බැංකුවට


විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන වයිරස විශේෂඥ පීටර් බෑන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්...

‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සෙවීමට චීනයේ වූහාන් නුවරට ගොස් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායම වූහාන් නුවර චීන රජයට අයත් වයිරස රසායනාගාරය බැලීමට ගියේය. 

මෙම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන්නේ වයිරස විශේෂඥයකු වන පීටර් බෑන් එම්බාර්ක්ය. ඔහු සහ කණ්ඩායම අද (3) අදෑසන 9.30 ට වයිරස රසායනාගාරයට ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කළේය.

වයිරස රසායනාගාරයට පැමිණි අවස්ථාවේ පීටර් බෑන් එම්බාර්ක් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. රසායනාගාරය නිරීක්ෂණයට යෑමට චීන රජයේ පූර්ණ අවසරය තමන්ටත් තම කණ්ඩායමටත් හිමිවුණු බව හෙතෙම පැහැදිලි කළේය. 

2019 දෙසැම්බරයේ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් යැයි චීන සෞඛ්‍ය අංශ සහ රජය පවසා ඇත. 

වූහාන් නුවර පිහිටා ඇති වයිරස රසායනාගාරය ආසියාවේ පිහිටි විශාලතම වයිරස බැංකුව ද වෙයි. 

මෙහි විවිධාකාරයේ කොරෝනා වයිරස තැන්පත් කර ඇති බව වාර්තා වේ. ඒ, එම වයිරස විවිධාකාරයේ පර්යේෂණවලට යොදා ගැනීමේ අරමුණින්ය. 

ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ චෝදනා කර ඇත්තේ, ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයක් වූයේ මෙම රසායනාගාරයෙන් කාන්දු වූ නිසා බවය. 

එය හිතාමතා සිදුවූවක් නොව අත්වැරදීමක් විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. වයිරසයේ සුලමුල සෙවීමට වූහාන් බලා ගිය විමර්ශන කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ වයිරස රසායනාගාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීමය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom