

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයන් සහ නිලධාරීන් 1,500 දෙනෙකුට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් ලබාදීම මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා වේ.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයන් සහ නිලධාරීන්ට ද, ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා, ගුවන් හමුදා, පොලිස් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, ආගමන විගමන දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා රේගු, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ, ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් සහ සේවක පිරිසට ද එන්නත ලබා දුන් බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පවසා ඇත.


එන්නත් ක්‍රියාවලිය පසුගිය 17 දා දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර , එන්නත් ලබා දී නොමැති ඉතිරි සේවකයන් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී එන්නත් ලබා දීමට නියමිත බව සුමිත් ද සිල්වා පැහැදිලි කර තිබේ.