ඔසාකා ඕස්ට්‍රේලියා විවෘත ශූරතාව දිනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 21, 2021

ඔසාකා ඕස්ට්‍රේලියා විවෘත ශූරතාව දිනයි

ඇමෙරිකා ක්‍රීඩිකා ජෙනිෆර් බ්‍රැඩී එක පිට එක කාණ්ඩ දෙකකින් පරාජය කරමින්, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට ජපාන ක්‍රීඩියා නයෝමි ඔසාකා සමත් වූවාය. 

මෙය ඔසාකාගේ සිවුවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයයි. තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-4 ක් සහ 6-3 ක් ලෙසිනි. 

මෙල්බර්න් නුවර රොඩ් ලීවර් ටෙනිස් පිටියේදී තරගය පැවැත්වුණේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනැවූ සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලවය‍. 
23 හැවිරිදි ඔසාකා, 24 වැනි වියට පා තැබීමට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් දිනාගත් තුන්වැනි ක්‍රීඩිකාව බවට පත්වීම විශේෂත්වයකි. ඇයට පෙර එවන් දස්කමක් කර ඇත්තේ මොනිකා සෙලස් සහ රොජර් ෆෙඩරර් දෙදෙනාය. 

මෙවර ඕස්ට්‍රේලියානු ශූරතාව දිනාගැනීමෙන් පසුව ඔසාකාගේ ලෝක ශ්‍රේණිගත කිරීම 2 වැනි ස්ථානය දක්වා ඉහළ නගිනු ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා පෙන්වා දෙයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom