
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඇන්ටිගුවාහිදී පැවැති පළමු තරගයෙන් කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ජය ලැබීමට සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 233 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 47 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශායි හෝප් (110) සහ එවින් ලුවිස් (65) ලකුණු 143 ක අරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.
පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක (55) සහ නායක දිමුත් කරුණාරත්න (52) ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
අෂේන් බණ්ඩාර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර එක්දින වරම් හිමිකරගත්හ.
ශ්‍රී ලංකා පිල ඕවර 49 කදී සියලු දෙනා දැවී 232
(ධනුෂ්ක ගුණතිලක 55, දිමුත් කරුණාරත්න 52, අෂේන් බණ්ඩාර 50, ලක්‍ෂාන් සඳකැන් නොදැවී 16, ජේසන් මොහොමඩ් 12/2, ජේසන් හෝල්ඩර් 39/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 47 කදී කඩුලු 2 ට 236
(ශායි හෝප් 110, එවින් ලුවිස් 65, ඩැරන් බ්‍රාවෝ නොදැවී 37, දුෂ්මන්ත චමීර 50/2)