බොලිවුඩ් නළු නිළියන්ට කොරෝනා එන්නත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 12, 2021

බොලිවුඩ් නළු නිළියන්ට කොරෝනා එන්නත



නළු නිළියන්, සිනමා නිර්මාණකරුවන් ඇතුළු බොලිවුඩ් කලාකරුවන්ට ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් ඊයේ  (11) ඇරැඹිණි. 

පළමුවෙන් එන්නත ලබා ගත් නළු නිළියන් අතරේ බොලිවුඩ් නළු නිළියන් වන සයිෆ් අලී ඛාන්, හේමා මාලිනී, කමල් හසන්, ෂිල්පා ෂිවෝද්කාර්, මෙගානා නයිදු, ජොනි ලෙවර් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඉන්දීය සෞඛ්‍ය අංශ වෙත තුති පුද කිරීමට බොලිවුඩ් තරු අමතක නොකළ බව ද පැවැසෙයි. එන්නත් ලබා ගන්නැයි ඔවුහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළහ. 

එන්.ඩී.ටීවී.

Classified_Ad