නේස්බි සාමිගේ සහාය ශ්‍රී ලංකාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 12, 2021

නේස්බි සාමිගේ සහාය ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන මූලික කණ්ඩායමේ යෝජනාවට සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එහිදි ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයා පවසයි. 

අදාළ යෝජනාව ශ්‍රී ලංකාවට පිළිගත හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථීර වශයෙන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් බොහෝ දුරට ශ්‍රී ලංකාවට පිළිගත එකක් නොවනු ඇති බවත් හෙතෙම කියයි. 

එවැනි තත්ත්වයක් තුළ ඡන්ද විමසීමක් පැවැත්වීම යෝග්‍ය බවත් එහිදි ශ්‍රී ලංකාවට සහාය දක්වන බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය/සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව මේ සතිය මුල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු අතර එය තවමත් සංශෝධනය වෙමින් තිබේ. 

ඒ පිළිබඳ ඡන්ද විමසීම ලබන සතිය අග දී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ ස්ථාවරය තහවුරු කරන සහ ශ්‍රී ලංකාවට හිතකර සාක්ෂි රැසක් සහිත වාර්තා පසුගිය කාලයේ දී ඉදිරිපත් වූ ඒවායින් ප්‍රයෝජන ගැනීමට ඉකුත් ආණ්ඩුව අසමත් වූ බව ද නේස්බි සාමිවරයා කියයි. 

මේ අතර මූලික කණ්ඩායමේ යෝජනාව පිළිගන්නැයි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙන අතර යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය දක්වන්නැයි මෙරට රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතර ව දෙමළ ජාතික සන්ධානය ද ඉන්දියාව සහාය සම්බන්ධයෙන් අදහස් පළ කර ඇතැයි ඔවුන් ඉන්දීය පාර්ශවය සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom