සූ කී ට බරපතළ චෝදනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Mar 13, 2021

සූ කී ට බරපතළ චෝදනා

sample-ad-complete-big
_117527052_mediaitem117497064
බලයෙන් පහ කළ නායිකා අවුන් සාන් සූ කී නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් 600,000 (රුපියල් කෝටි 11කට අධික මුදලක්) මුදලක් සහ රත්තරං ලබාගෙන ඇතැයි මියන්මාර හමුදා පාලනය චෝදනා කරයි. 

නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව පෙබරවාරි මස 1 වැනිදා එරට පාලන බලය අත්පත් කරගත්තේ ය. 

ඉන් අනතුරුව අවුන් සාන් සූ කීට එරෙහිව රහසේ නඩු විභාග කෙරුණු අතර ඇය නීතිවිරෝධී අයුරින් රට තුළට සන්නිවේදන උපකරණ ගෙනැවිත් ඇතැයි ද චෝදනා කළේය. 

මියන්මාර හමුදා පාලනය මේ වනවිට අවුන් සාන් සූකීට එල්ල කර ඇති බරපතළ ම චෝදනාව වන්නේ මෙයයි. 

මියන්මාර හමුදා ජුන්ටාව මෙලෙස චෝදනා එල්ල කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. 

මියන්මාර හමුදාව ‘‘ඝාතන සංස්කෘතියක්’’ නිර්මාණය කර ඇතැයි මේ අතරවාරයේදී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි. මියන්මාර හමුදා ජුන්ටාව නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව යුද භූමියේදී භාවිත කරන ආයුධ යොදාගන්නා බවත් එමෙන්ම හමුදා පාලනය සැලසුම් සහගත ලෙස ඝාතන සිදු කරන බවත් එම සංවිධානය චෝදනා කරයි. 

මේ අතර විරෝධතා අතරවාරයේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් හත්දෙනකු මිය ගිය බව ද මේ වනවිට විරෝධතා අතරවාරයේදී ආරක්ෂක අංශ එල්ල කර ඇති ප්‍රහාරවලින් මියගොස් ඇති ගණන 60 ඉක්මවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ.එෆ්.පී.

Classified_Ad