ස්විට්සර්ලන්තයේ නිකාබය-බුර්කාව තහනම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 8, 2021

ස්විට්සර්ලන්තයේ නිකාබය-බුර්කාව තහනම්

නිකාබය සහ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් පැවැත්විණි. 

එහිදී ස්විට්සර්ලන්ත වැසියන් බහුතරයක් තීරණය කළේ ජනතාය ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල නිකාබය සහ බුර්කාව තහනම් කළ යුතු බවය. 

නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට කැමැත්ත පළ කරමින් සියයට 51.2 ක පිරිසක් ඡන්දය ලබා දී තිබේ. 

ඒ අනුව, ඉදිරියේ දී මහජනතාව ගැවසෙන වීදිවල, රජයේ කාර්යාල තුළ, පොදු ප්‍රවාහන සේවා තුළ මුස්ලිම් වැසියන්ට මුහුණු ආවරණය කර ගනිමින්, නිකාබය සහ බුර්කාව පැලඳ සිටිය නොහැකිය. 

ජනමත විචාරණයේ ප්‍රතිඵලය ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් විවේචනය කරනු ලැබ තිබේ. ඒ, එය මුස්ලිම් විරෝධී තීරණයක් බව පෙන්වා දෙමිනි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom