බංග්ලාදේශය ඩොලර් මිලියන 100 ක් මුදා හැරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 31, 2021

බංග්ලාදේශය ඩොලර් මිලියන 100 ක් මුදා හැරලා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගන්නා ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් මුදාහැර ඇත.  මේ අනුව බංග්ලාදේශයේ මහ බැංකුව මෙරට මහ බැංකුවට මුදාහැර ඇති සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 150කි. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිදු නිවේදනයක් නොමැති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කර ඇති අතර බංග්ලාදේශ මහ බැංකුව අදාළ මුදල මුදාහැරි බව වාර්තා කර ඇත්තේ බංග්ලාදේශයේ ‘ද ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස්’ පුවත්පත යි. 

ශ්‍රී ලංකාවය සහ බංග්ලාදේශය අතර අගෝස්තු මස 3 වැනිදා මුදල් හුවමාරු ගිවිසුමක් (කරන්සි ස්වැප්) ගිවිසුමක් ඇති කරගන්නා ලදි. බංග්ලාදේශ මහ බැංකුව අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ගිවිසුම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මුදා හරින ලදි. 

෴ හර්ෂණ තුෂාර සිල්වා
    උපුටා ගැනීම - Daily FT

Classified_Ad