ණය උගුලක පැටළෙන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

ණය උගුලක පැටළෙන්නේ නෑ

චීනය සමඟ ගනුදෙනු කරද්දී, හොඳ කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට කටයුතු කරන බවත් බංග්ලාදේශය පවසයි. 

බංග්ලාදේශය වෙනුවෙන් 'අයි.බී. ටයිම්ස්' පුවත්පතතට අදහස් දක්වා ඇත්තේ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ගවුහර් රිස්වි ය. 

දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ 'ණය උගුලට' හමුවී අමාරුවේ වැටී ඇතැයි ද ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ. 

චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.

අයි.බී. ටයිම්ස් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom