තෙන්ඩුල්කාර්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 27, 2021

තෙන්ඩුල්කාර්ට කොරෝනා

ඉන්දීය ක්‍රිකට් නායකයකු මෙන්ම අසහාය ක්‍රිකට් තරුවක් ලෙස ද සැලකෙන සචින් තෙන්ඩුල්කාර් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා ආසාදිතයකු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ, තමන් කොවිඩ් ආසාදිතයකු යැයි තෙන්ඩුල්කාර් නිකුත් කළ ට්විටර් පණිවුඩය උපුටා දක්වමිනි. 

'මා ආසාදිතයකු බව තහවුරු වුණා. දැන් මා හුදෙකලා වී පසුවෙනවා. මා නිවසේ රැදී ඉන්නවා. මාගේ ආශ්‍රිතයන් සියලු දෙනා ද පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණා. මට වෛද්‍ය උපදෙස් ලබා දෙන වෛද්‍යවරුන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටත් මා ස්තුති කරනවා' යැයි 47 හැවිරිදි තෙන්ඩුල්කාර්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. 

NDTV

Classified_Ad