චීන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

චීන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එනවා

චීන රජයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත සිනොෆාම් නමැති කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන මාර්තු 31 වැනිදා ලැබීමට නියමිතය. 

එසේ ලැබෙන එන්නත්වලින් සියයට 1 ක්, ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට ලබා දෙන මෙන්, චීන රජය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සිනෝෆාම් යනු චීන රජයට අයත් 'බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන ආයතනය නිපදවා ඇති එන්නතය. මෙම එන්නත මේ වනවිටත් රටවල් කීපයක භාවිතයට ගැනෙයි. එන්නත සියයට 79 ක් සාර්ථක යැයි පැවැසෙයි.

Classified_Ad

Classified_Ad_News_Bottom