'ෆයිසර්' සමඟ සාකච්ඡා සාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

'ෆයිසර්' සමඟ සාකච්ඡා සාර්ථකයි

ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිස්පාදන සමාගම, ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ එක් වී, නිපදවා ඇති 'ෆයිසර්' එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවත්, ඉදිරි දින කීපයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹෙනු ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

මේ වනවිට නිපදවා ඇති වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගමේ මෙම එන්නතය. මෙයි සාර්ථකත්වය සියයට 95 කට වැඩිය. 

'ෆයිසර්' එන්නත ද මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, එන්නත සම්බන්ධයෙන් ඇති ගැටලුව එන්නත ගබඩා කිරීමට අධි ශීතකරණ අවශ්‍ය වීම යැයි මහාචාර්ය ජයසුමන මහතා පැහැදිලි කරයි. ඒ සම්බන්ධයෙන් 'ෆයිසර්' සමාගම විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහාචාර්ය ජයසුමන මහතා පවසා තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom