යුවාන් බිලියන 10 ක මුදල් හුවමාරුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 17, 2021

යුවාන් බිලියන 10 ක මුදල් හුවමාරුවක්

ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) මහජන චීන බැංකුව අනුමත කළ බව චීනයේ බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

මෙම අන්තර් මුදල් ඒකක හුවමාරුව වෙනුවෙන් මහජන චීන බැංකුවේ අනුමැතිය ලැබුනු බව ද එම තානාපති කාර්යාලය කියා සිටී. 

මෙම මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රකාශනයක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත ආයෝජකයින් දිරිගැන්වනු ලබන බවත්ය.

මෙය පිළිබඳ විධිමත් ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව විසින් දරන ලද උත්සාහය ද ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා විසින් අගය කළේය. 

ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් පෙබරවාරි 26 වැනිදා කොළඹදී පැවතී මාධ්‍ය හමුකදී සදහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom