බටහිර පර්යන්තය සංවර්ධනයට අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Mar 17, 2021

බටහිර පර්යන්තය සංවර්ධනයට අනුමැතිය

sample-ad-complete-big
Port-City-2021
කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාල මූලික අනුමැතිය ශ්‍රී ලංකා රජයෙන් ලැබී ඇති බව ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහය සදහන් කර සිටී. 

ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි සියයට 51ක කොටස් හිමිකර ගැනීමට බලාපොරොත්තු වන බවය. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළ අභිප්‍රාය ලිපිය තම සමාගම වෙත යොමුකර ඇති බව අදානි ව්‍යාපාර සමූහය සඳහන්කර තිබේ. 

ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අදානි ව්‍යාපාර සමූහය පෙන්වා දී ඇත. 

කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සදහා තමන්ට අවස්ථාව ලබා දීම පිළිබදව ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානි සහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කර ඇත. 

එම ට්විටර් පණිවිඩයෙන් ගෞතම් අදානි මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට , සහ ජෝන් කීල්ස් සමාගමට තමා කෘතවේදීත්වය පිරිනමන බවය. 

මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත⁣ර ඇති ඓතිහාසික අන්‍යෝන්‍ය සබදතාවයේ සංකේතයක් බවද හෙතෙම සිය ට්විටර් පණිවිඩයේ සදහන් කර ඇත. 

අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමාගමේ නිල වෙබ් අඩවියේ සදහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත වසර 35 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවය.

Classified_Ad