PCR වලට හසුනොවන කොරෝනා විකෘතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

PCR වලට හසුනොවන කොරෝනා විකෘතිය

පී.සී.ආර්. පරීක්ෂණවලට හසුනොවන, බිහිසුණු කොරෝනා වයිරස ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවී ඇති බවත්, එම ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් අට දෙනාම මියගොස් ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළ කරයි. 

ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම නව විකෘති වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ, ‘ල වෙරියොන් බ්‍රෙටොන්’ යනුවෙනි. ඒ, විකෘති වයිරස ප්‍රභේදය පළමුවෙන් හමුවී ඇත්තේ ප්‍රංශයේ බ්‍රිටැනි පළාතෙන් වීමය. 

මෙම විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 8 දෙනා ලැනියොන් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි. 

පීසීආර් පරීක්ෂණවලට හසු නොවන මෙම වයිරස විකෘතිය හඳුනා ගැනීම කළ හැක්කේ රුධිර පරීක්ෂණවලින් යැයි වෛද්‍යවරු පැහැදිලි කරති. 

වයිරස විකෘතිය සම්බන්ධයෙන් දිගටම පර්යේෂණ සිදු කරන බවත්, මෙතෙක් ලැබී ඇති දත්ත සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බවත් ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා තිබේ. 

ප්‍රංශයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන 4,181,607 කි. මරණ වාර්තා වන්නේ 91,679 කි. දෛනික ආසාදිතයන් ගණන වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, සංචරණ තහංචි පැනැවීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පියවර ගෙන ඇත. 

ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ ප්‍රංශය ‘කොවිඩ් 19’ තෙවැනි රැල්ලකට ප්‍රංශය මුහුණ දෙමින් සිටින බවය. ඒ අනුව, මාසයක කාලයක් සඳහා පැරිසිය ලොක්ඩවුන් කිරීමටත් හුදෙකලා කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom