අගමැති මහින්ද අද බංග්ලාදේශයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 19, 2021

අගමැති මහින්ද අද බංග්ලාදේශයට

දෙදින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය‍.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන් වෙයි. 

බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.

මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ,බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් , බංග්ලාදේශ විදේශ අමාත්‍ය සහ බංග්ලාදේශ බැංකුවේ අධිපති ඇතුලු පිරිසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. 

සංචාරය අතරතුර කෘෂි කර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංස්කෘතික සහයෝගීතාව වැනි විවිධ අංශයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද දෙරට අතර අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Classified_Ad

Classified_Ad_News_Bottom