අගමැති මෝදි ඉම්රාන් ට ඉක්මන් සුව පතලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 21, 2021

අගමැති මෝදි ඉම්රාන් ට ඉක්මන් සුව පතලා

'කොවිඩ් 19' ආසාදිතයකු වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉක්මන් සුව පැතීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කර ඇත. ඒ, 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමිණි. 

'කොව්ඩ් 19 වයිරසය අසාදනය වූ ඉම්රාන් ඛාන් ට මා ඉක්මන් සුවය පතනවා' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වූයේ ඊයේ (20) ය‍. තමන් ආසාදිතයකු බව ඉම්රාන් නිවේදනය කළේ ද ට්විටර් පණිවුඩයක් මගිනි. 

අගමැති ඉම්රාන් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන දින දෙකක් ගත වෙද්දී යැයි පාකිස්තාන සෞඛ්‍ය ඇමැති ෆයිසාල් සුල්තාන් පවසා ඇත.‍ 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට ලබා දී ඇත්තේ චීනයේ නිෂ්පාදිත 'සිනොෆාර්ම්' ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාවය.

NDTV

Classified_Ad