අගමැති ඉම්රාන්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

අගමැති ඉම්රාන්ට කොරෝනා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 'කොවිඩ් 19' ආසාදිතයකු බව වාර්තා වේ. තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව ඉම්රාන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 

අගමැති ඉම්රාන් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන දින දෙකක් ගත වෙද්දී යැයි පැවැසෙයි. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට ලබා දී ඇත්තේ චීනයේ නිෂ්පාදිත 'සිනොෆාර්ම්' ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාවය. චීන රජයේ සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වීමෙන් නිපදවූ මෙම එන්නත ද මාත්‍රා දෙකකි.

චීනය, පාකිස්තානයට 'සිනෝෆාර්ම්' එන්නත් ප්‍රදානය කර ඇත්තේ චීන පාකිස්තාන මිතුදම් ශක්තිමත් කරමිණි. වයිරස ආසාදිතයකු බව තහවුරු වූ 68 හැවිරිදි ඉම්රාන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, මේ මොහොතේ ඔහු හුදෙකලා වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත් පාකිස්තාන අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මේ වනවිට පාකිස්තානය මුහුණ දෙන්නේ 'කොවිඩ් 19' වයිරසයේ තෙවැනි රැල්ලටය. ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් නව ආසාදිතයන් 3,876 ක් හමුවී තිබුණි. 

පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් ගණන 6,20,000 පසු කර තිබේ. මරණ වාර්තා වන්නේ 13,799 ක් ලෙසය. ගතවුණු පැය 24 තුළ පාකිස්තානයෙන් වාර්තා වූ කොරෝනා මරණ 42 කි. 

කොරෝනා තෙවැනි රැල්ලත් සමඟ පාකිස්තානයේ සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය උපදෙස් මත රජය කටයුතු කර තිබේ. ගතවුණු දින 10 ක කාලයේ පාකිස්තානයේ නන්දෙසින් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 22,018 කි. එය සියයට 68 කින් කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමක් බව ද පැවැසෙයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom