ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරගයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Mar 20, 2021

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරගයට

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය. රායිපූර්හිදී ඊයේ (19) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට හැකියාව ලැබුණි.

ජයග්‍රහණ සඳහා ලකුණ1 126 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 17.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. 

චින්තක ජයසිංහ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 47 ක් සහ උපුල් තරංග පන්දු 44 කදි හතරේ පහර 5 සමගින් ලකුණු 39 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ලකුණු 18 බැගින් ලබාසිටි තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය දවාගැනීමට මකායි න්ටිනි සහ ඇල්විරෝ පීටර්සන් සමත් වූ අතර තෙවැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 70 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට චින්තක ජයසිංහ සහ උපුල් තරංග සමත්වූහ. 

 කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි. 

ආරම්භක පිතිකරු මෝර්න් වෑන් වික් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළ අතර ඇල්විරෝ පීටර්සන් පන්දු 27 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීය.

සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකළ නුවන් කුලසේකර කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සනත් ජයසූරිය, ෆර්වීස් මහරූෆ් සහ කොෟෂල්‍ය වීරරත්න කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ESPN

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe