ඉන්දීය ලෙජන්ඩ්ස් ජය ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 22, 2021

ඉන්දීය ලෙජන්ඩ්ස් ජය ගනී

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සියරීස් 20 යි 20 අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (21) සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුනි. 

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කළේය. 

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් යූසූෆ් පතාන් නොදැවී ලකුණු 62 රැස් කළ අතර යුවරාජ් සිං පන්දු 41 මුහුණදෙමින් ලකුණු 60ක් රැස් කළේය. 

ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළේ ලකුණු 167කි.

Classified_Ad

Classified_Ad_News_Bottom