
ජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී තිබේ. ‘රටකි, දැයකි, ලොවකි ඇය’ යන්න මෙවර කාන්තා දින සැමරුම් තේමාවය.
මෙවර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇයගේ සතිය’ යනුවෙන් අද (8) සිට මෙම මස 14 වැනිදා දක්වා සතියක කාලයක් නම් කරනු ලැබ ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පෙන්වා දෙයි.
මෙවර කාන්තා දින සැමරුම් ප්‍රධාන උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (8) පස්වරුවේ පැවැත්විණි.
ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අද (8) උදෑසන 10.00 ට සිදු කෙරුණු අතර අම්මාවරුන්ගේ භූමිකාව ඇතුළත් ගීත ගැයෙන ‘අම්මලාගේ භූමිකාව ගීයෙන් ගයමු’ වැඩසටහන ද කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද සවස පැවැත්විණි.
මීට අමතරව සතිය පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර ගැහැණු දරුවන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් සැපයීම වෙනුවෙන් පියවර ගැනෙන ‘දියණිය වැඩසටහන බත්තරමුල්ල සුහුරුපායේදී හෙට (9) උදෑසන10.30ට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී.
කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ ‘දිරිය ජනනී’, ‘ඔබේ දා බිඳු සුවඳයි’, කාන්තාවන්ට ගරු කිරීම ගැන පිරිමින් දැනුම්වත් කෙරෙන ‘පිරිමින්ට පමණයි’, හුදෙකලා වූ මව්වරුන් අගයන ‘මාතෘ වන්දනා’ ආදී වැඩසටහන් ගණනාවක් මෙම සැමරුම් සතිය පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මගින්ද කාන්තා දින සැමරුම් උත්සව සංවිධානය කර තිබිණි.

1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.
එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් කෙරුණේ 1975 වසරේදී ය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය එය නිල වශයෙන් පිළිගනු ලැබීමත් සමඟය.
ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර තිබේ. කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, ගූගල් වෙබ් අවඩිය අද (8) දිනයේ ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට අදාල සිතුවම google doodle වෙනස් කර තිබුණි. ඒ, ඉහළට ඔසවා අල්ලා ගත් කාන්තා අත්වලිනි.