මධ්‍යම පාංතිකයෝ අඩුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

මධ්‍යම පාංතිකයෝ අඩුවෙලා

‘කොවිඩ් 19’ වසංගතයෙන් එල්ල වූ ආර්ථික අර්බුද හමුවේ, ගෝලීය මධ්‍යම පාංතිකයන් ගණන මිලියන 90 කින් අඩු වී ඇතැයි සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. 

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, වොෂින්ටන් අගනුවර කේන්ද්‍රකොට ගක් ‘පිව්’ නමැති පර්යේෂණ ආයතනයයි. 

නිර්ණායකවලට අනුව, මධ්‍යම පාංතිකයන් ලෙස හැඳින්වෙන්නේ, දිනකට ඇමෙරිකන් ඩොලර් 10 ත් 50 ත් අතර ආදායමක් ලබන පිරිසය. 

කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ආර්ථික අර්බුද මැද රැකියා අවස්ථා අහිමි වෙද්දී, මධ්‍යම පාංතික වැසියන්ගේ දෛනිකව උපනය මුදල ඇමෙරිකන් ඩොලර් 2 හෝ ඊට අඩු වී ඇතැයි ‘පිව්’ පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. 

මධ්‍යම පාංතිකයන් අඩුවෙද්දී දිළිදු පාංතිකයන් ගණන වැඩි වී ඇතැයි ද පර්යේෂණ ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. ඒ අනුව, දිළිඳු වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 131 කින් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom