ඇමෙරිකා රුසියා අර්බුදය ඔඩුදුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

ඇමෙරිකා රුසියා අර්බුදය ඔඩුදුවයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විවේචනය කිරීමත් සමඟ රුසියාවත් ඇමෙරිකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇත. 

වොෂින්ටන් නුවර රුසියන් තානාපති ඇනටෝලි ඇන්ටනෝව් යළි මොස්කව් නුවරට කැඳවීමට පවා රුසියන් රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රුසියන් ජනාධිපති පුටින් ‘ඝාතකයකු’ යැයි විශ්වාස කරන බව පැවැසීය. 

ඒ, රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වස දීම සහ ඔහු පසුව අත්අඩංගුවට ගැනීම ආදී චෝදනා සම්බන්ධයෙනි. නෙවල්නිට වස දීම සිදුවූයේ රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත යැයි පැවැසෙයි. 

ඇමෙරිකන් ජනපති බයිඩන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් සිය හඬ අවදි කර ඇත. පුටින් පවසා ඇත්තේ, ඝාතකයකු හඳුනා ගැනීමට හැකි වන්නේ තවත් ඝාතකයකුට පමණක් කියාය. 

රුසියාව තරයේ පවසා ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම චෝදනා ඔප්පු කිරීමට කිසිදු ප්‍රබල සාක්ෂියක් නැති බවත්ය. 

ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරණයට රුසියානු ඒජන්තවරුන් ඇඟිලි ගැසූ බවත්, බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ බවත් ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ. 

මේ අතර ඇමෙරිකන් ජෝ බයිඩන් ට විවෘත සංවාදයක් සඳහා පුටින් ඇරැයුම් කර ඇතැයි ද රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම විවෘත සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට පුටින් කැමැත්ත පළ කර ඇත. 

තමන් සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට පිළිතුරු දීමට සූදානම් බව ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom