ඉන්දීය එන්නත්කරණ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, අවුරුදු 60 ට වැඩි ඉන්දියානුවන්ට එන්නත ලබා දීම අද (1) සිට ආරම්භ වුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එන්නත ලබා ගත්තේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අද (1) උදෑසන ලබා ගත්තේ‘කොවැක්සින්’ ප්‍රතිශක්තිකරණ එන්නත ය.‘කොවැක්සින්’ යනු ඉන්දියාවේ, ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයකි.
ඉන්දීය රජයේ අනුග්‍රහය ලැබෙන ‘භාරත් බයෝටෙක්’, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවැක්සින්’ සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයකි.
‘ඉන්දියානු අප අපේ දේ අගය කරන්න ඕනෑ. මේ එන්නත හැදුවේ අපේ විද්‍යාඥයන්, අපේ වෛද්‍ය පර්යේෂකයන්, මට ඔවුන් ගැන විශ්වාසයි. ආඩම්බරයි. එන්නත ආරක්ෂිතයි. එය සාර්ථකයි. මා ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොවැක්සින් එන්නත ලබා ගන්න’ යැයි අග්‍රාමාත්‍ය මෝදි එන්නත ලබා ගැනීමෙන් පසු ට්විටර් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කළේය.
අද (1) එන්නත්කරණ දෙවැනි අදියරේ සිට, 60 ට වැඩි පුද්ගලයන්ට පමණක් නොව, අවුරුදු 45 ට වැඩි, බෝ නොවන රෝගවලින් පීඩා විදින පුද්ගලයන්ට විශේෂයක් සේ සලකා එන්නත් ලබා දීම සිදුවිය.
අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගන්නා අයුරු එරට රූපවාහිනී නාළිකාවලින් සජීවීව විකාශය කෙරුණි.
අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගත්තේ නවදිල්ලි අගනුවර ඕල් ඉන්දියා වෛද්‍ය මධ්‍යස්ථානයේදීය. මෝදිට එන්නත ලබා දීමට හෙදියන් දෙදෙනකු පෙරමුණ ගත් බවත්, එයින් එක් අයකු පුදුචෙරි ප්‍රාන්ත වැසියකු බවත් අනෙක් හෙදිය කේරළ ප්‍රාන්ත වැසියකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දීය මාධ්‍ය හරහා මෙම හෙදියන් දෙදෙනාට ද පුළුල් ප්‍රසිද්ධියක් ලැබී තිබේ.
භාරත් බයෝටෙක් ‘කොවැක්සින්’ එන්නත සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනයක් පැවැතිණි. ඒ, එන්නතේ සාර්ථකත්වය සහ එහි ආරක්ෂිත බව සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට ‘භාරත් බයෝටෙක්’ සමාගම අදිමදි කළ බැවිනි.
කෙසේ නමුත් ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ප්‍රධානී ආචාර්ය ක්‍රිෂ්ණා එලා මාධ්‍ය හමුවේ එන්නත ගැන පැහැදිලි කළේය. එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය නිර්දේශ කළේ ඉන්පසුවය.
ඒ අනුව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතත් සමඟ ඉන්දියානුවන්ට ‘කොවැක්සින්’ එන්නත ලබා දීම සිදුවිය.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවේ පූනේ පිහිටි ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගමය. ඉන්දියාාව් පිහිටි, විදේශ සඳහා ඖෂධ නිපදවන සමාගමක් වන්නේ මෙම ‘සේරම්’ සමාගමය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ මැදිහත් වී, ‘වැක්සීන් මෛත්‍රී’ යටතේ අසල්වැසි ආසියානු රටවලට ප්‍රදානය කෙරුණේ මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතය.
භාරත් බයෝටෙක්’ සමාගමේ ප්‍රධානී ආචාර්ය ක්‍රිෂ්ණා එලා පෙන්වා දෙන අන්දමට ඉන්දියාවෙන් පිට රටවල් 12 ක, ‘කොවිෂීල්ඩ්’ එන්නත භාවිතයට ගැනීම සිදුවෙයි.
එන්නත මිලෙන් අඩු බවත්, එය ගබඩා කිරීමට පහසු බවත් පැවැසෙයි.
‘කොවිඩ් 19’ එන්නත්, පෞද්ගලික රෝහල් මගින් ද ලබා දීමට ඉන්දීය රජයේ අවසරය ලබා දී ඇති අතර, අද (1) සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක රෝහල්වලින් එන්නත් ලබාදීම ආරම්භ විය.
එන්නත එසේ ලබා ගැනීමට, රජය විසින් හඳුන්වා දී ඇති ‘කෝවින් 2.0’ යෙදවුම හරහා ලියාපදිංචි විය යුතු යැයි ද පැවැසෙයි.
මේ අතර, අද වනවිට ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි එන්නත් නිපදවීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන්නේ ඉන්දියාවේ පූනේ නුවර පිහිටි ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන ආයතනයයි. ‘සේරම්’ ආයතනය හරහා නිපදවීම සිදුවන්නේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය.
එන්.ඩී.ටීවී