පාප්තුමන් ෂියා නායකතුමන් හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 6, 2021

පාප්තුමන් ෂියා නායකතුමන් හමුවෙයි

ඉරාකයේ තෙදින නිල සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ ඉරාකයේ ෂියා මුස්ලිම් ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානි හමුවී සාකච්ඡා පැවැත්වීය. 

ආගමික නායකයන් දෙදෙනා අතර මෙම ඓතිහාසික හමුව පැවැත්වූයේ ඉරාකයේ නජාෆ් ශුද්ධ නගරයේය.  පාප්තුමකු සහ ඉරාක ෂියා මුස්ලිම් ආගමික නායකයකු අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. 

ඉරාකයේ ක්‍රිස්තියානු සුළුතරය සහ මුස්ලිම් ප්‍රජාව අතර සහජීවනය අවශ්‍ය බවත්, සැමදෙනා සාමයෙන් ජීවත් විය යුතු බවත් පාප්තුමන් සහ ෂියා ආගමික නායකතුමන් අතර සාකච්ඡාවට බඳුන් විය. 

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom